මෙන්න! චීන ආගමනයේ අළුත්ම රඟ

    January, 6, 2015

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව 2014 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම වර්ධනය පෙන්වා තිබෙන්නේ චීන සංචාරකයින් වීම කැපී පෙනේ.

    මේ අනුව, 2014 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයින් මිලියන 1.5 ක් පමණ වන ප්‍රමාණයෙන් චීන සංචාරකයින් 128,166 ක් සිටින අතර එය 2013 වසර සමග සැසඳීමේදී සියයට 136.1 ක දැවැන්ත වර්ධනයකි.

    2013 වසරේදී ලංකාවට චීන සංචාරකයින් පැමිණ තිබුණේ 54,288 කි.

    ගිය වසරේදී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණි තුන්වන රට බවට චීනය පත්ව තිබෙන අතර ඉන්දියාව පළමු තැනත්, එංගලන්තය දෙවන තැනත් සිටී.

    2013 වසරේදී ලංකාවට සංචාරකයින් මිලියන 1.2 කට ආසන්න ප්‍රමාණයක් පැමිණි අතර ඒ සමග සැසඳීමේදී මෙවර සංචාරකයින් පැමිණීම සියයට 19.8 කට ආසන්න වර්ධනයක් ලබා තිබේ.
    dfg