මෙන්න! හම්බන්තොට ෂැන්ග්‍රි-ලා හෝටලයේ අළුත්ම තත්ත්වය

    July, 16, 2014

    හම්බන්තොට ඉදිවෙමින් තිබෙන ෂැන්ග්‍රි-ලා හෝටලයේ ඉදිකිරීම් මේ වනවිට සියයට 75 ක් පමණ අවසන් බවත් හෝටලය සැලසුම් කළ කාලයේදී විවෘත කළ හැකි බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි.

    මේ අනුව, අමාත්‍යවරයා අප සමග පැවසුවේ මෙම හෝටලය ලබන වසරේදී විවෘත කිරීමට හැකි බවයි.

    හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා හෝටල් සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි හම්බන්තොට හෝටලය කාමර 375 කින් යුක්තය.

    නමුත්, පසුගිය කාලයේදී ඇතැම් මාධ්‍ය වාර්තා අනාවරණය කළේ සමාගම මුලින් සැලසුම් කළ කාමර ප්‍රමාණයට වඩා අඩු කාමර ප්‍රමාණයක් මෙහි ගොඩ නැගීමට සැලසුම් කර තිබෙන බවයි.

    සමාගම විසින් කොළඹ ඉදිකරන හෝටලයේ මුල් සැලසුම් මේ වනවිට වෙනස් කර තිබෙන අතර මුලින් සැලසුම් කළ කාමර ප්‍රමාණයට වඩා වැඩි කාමර ප්‍රමාණයක් කොළඹ ඉදිකිරීමට මේ වනවිට අදහස් කර ඇත.

    ෂැන්ග්‍රි-ලා සමාගම සිය සන්නාමය යටතේ ලොව පුරා හෝටල් 80 කට වැඩි ගණනක් කළමනාකරණය කරන අතර ඒවායේ කාමර 34,000 කට වැඩි ප්‍රමාණයක් තිබේ.