මෙම උත්සව සමයේ NDB නත්තල් සීයා ඔබගේ නිවසටම

    December, 29, 2023

    නත්තල් කාලය සහ උත්සව සමය ප්‍රීතියෙන් හා සිනහවෙන් පිරුණු කාලයක් වන අතර කුඩා දරුවන්ට මෙම කාලය තවත් සුවිශේෂ වේ. ළමුන් සඳහා නත්තල් සමයේ ප්‍රීතිය වැඩි දියුණු කිරීම සඳහා, NDB බැංකුව සෑම වසරකම  නත්තල් සීයා සිය ගනුදෙනුකරුවන්ගේ නිවසටම  ගෙන  ඒමෙන් සිය ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ දරුවන් සතුටු කිරීමට  කැපවී සිටී.

    2023 දෙසැම්බර් 31 දක්වා ඔබගේ දරුවාගේ NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුමට රු. 50,000 හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන්නේ නම් මෙම අනගි අවස්ථාවෙන් බොහෝ තෑගි භෝග දිනා ගැනීමට ඔබට අවස්ථාව හිමි වන අතර තෑගී භෝග රැසක් රැගත් NDB නත්තල් සීයා ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමටත් ඔබට අවස්ථාව ඇත.

    NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම ළමුන් සඳහාම නිර්මාණය කර ඇති අතර, ආකර්ෂණීය විශේෂාංග සහ ප්‍රතිලාභ රැසක් පිරිනමයි. ඩබල් පොලී අනුපාතය, ආකර්ෂණීය ත්‍යාග, නොමිලේ රෝහල්ගත වීමේ ආවරණයක්, අමතර ජීවිත රක්‍ෂණ ආවරණයක් සහ තවත් බොහෝ ප්‍රතිලාභ මෙයට ඇතුළත් වේ. එපමණක් නොව NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම්  හිමි  දරුවන්  5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයන්හි දක්වන දක්‍ෂතා මත විශේෂ ත්‍යාග සඳහා ද සුදුසුකම් ලබයි.

    තවද, ශිල්ප ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට ආකර්ෂණීය පොලී යෝජනා ක්‍රම ලබා දීමෙන් දිගු කාලීන ඉතුරුම් සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් NDB බැංකුව විසින් විවිධාකාර වූ සුවිශේෂී වැඩසටහන් ශිල්ප ළමා ඉතුරුම් ගිණුම් යටතේ රැගෙන එමින් සිටින අතර, කුඩා ළමුන්  අතර ඉතිරිකිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීමට NDB බැංකුවේ කැපවීම මනාව  පිළිබිඹු වේ.

    මෙම ශිල්ප ළමා ඉතුරුම් ගිණුම, ඕනෑම NDB ශාඛාවකින් පහසුවෙන් විවෘත කළ හැකි අතර, වසර පුරාවටම එහි වාසි ලබා ගැනීමට ගිණුම් හිමියනට අවස්ථාව ඇත.

    NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම් මගින් දරුවන් පිළිබඳව දෙමාපියන් සතු විශේෂිත බලාපොරොත්තු සපුරාලීම සේම දරුවන් හට කුඩා කල සිටම ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරනු ලබයි. එසේම, එය සිත් ඇදගන්නාසුළු සහ ප්‍රතිලාභදායක කිරීමට NDB අඛණ්ඩ උත්සාහයක නිරත වේ.