මෙරට පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

    June, 15, 2018

    මැක්ලරන්ස් සමූහය සහ සිංගප්පුරුවේ පීක් ඉන්ජිනියරිං සමාගම යටතේ නව ඒකාබද්ධ සමාගමක්

    මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික ) හා සිංගප්පූරුවේ පීක් ඉන්ජිනියරින් හා කන්සල්ටන්සි (පුද් ) සමාගම හා එක්ව මෙරට පහසුකම් කළමණාකරණ සේවා සැපයීම සඳහා McPeak Lanka (Private) Limited නමින් නව සමාගමක් පිහිටුවයි.

    රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳහා පහසුකම් කළමණාකරණ සේවා සැපයීමේ අරමුණින් මෙම නවතම සමාගම වන McPeak Lanka (Private) Limited පිහිටුවාගෙන තිබේ. මෙම නව සමාගම පිහිටුවීම සඳහා දායක වී ඇති සමාගම් දෙක තම ශක්තිය සහ හැකියාවන් යොදවා උසස්තම සේවාවක් සැපයීමට අපේක්ෂා කරයි. පාරිභෝගික ආයතනවල අපේක්ෂාවන් මැනවින් හඳුනා ගනිමින් ඊට සරිලන ආකාරයට වෙළඳ , කර්මාන්ත, කුඩා පරිමාණ සහ මිශ්‍ර ආදී වශයෙන් වන ඕනෑම ආකාරයක ව්‍යාපාරයක් සඳහා වන පහසුකම් කළමණාකාර විසඳුම් සැපයීමට මෙම නව සමාගම අපේක්ෂා කරයි. විශාල පරිමාණයේ මහල් ගොඩනැගිලි නඩත්තු කිරීම, කාර්මික සහ විදුලි ඉංජිනේරුමය අවශ්‍යතා සපුරාලීම, ගෘහ පාලන සහ පිරිසිදු කිරීමේ සේවා, අනිකුත් ගෘහ ආරක්ෂක සේවා පද්ධති සහ උපාංග, සෞඛ්‍ය සේවා මෙන්ම පාරිභෝගික අවශ්‍යතාව පරිදි විවිධ සේවාවන් සැපයීමට මෙන්ම දේපළ කළමණාකාරණය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ද මෙම සමාගම සේවා සපයනු ලබයි.

    දේශිය දේපළ කළමණාකරණ ක්ෂේත්‍රයේ මෙන්ම සත්කාරක සේවා ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික පළපුරුද්දක් ඇති මැක්ලරන්ස් සමූහය සහ නේවාසික, වෙළඳ, අලෙවි, කර්මාන්ත යන ක්ෂේත්‍රවල සිය වෘත්තීයභාවය, නව සොයාගැනීම්, සහ සේවා විශිෂ්ඨතාව ඔස්සේ සිංගප්පූර්වේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා සිටින පීක් ඉන්ජිනියරිං සමාගම එක්ව සිය උපරිම ශක්තිය McPeak Lanka (Private) Limited වෙත ලබාදෙනු ඇත.

    ඒ අනුව මෙම නව සමාගම ඉංජිනේරු,ආරක්ෂක සහ සනීපාරක්ෂක ආදී අංශවල උසස් පුහුණවක් ලැබූ, සේවක කණ්ඩායමකින් ද සමන්විත වෛයි.

    ආරක්ෂාකාරී මෙහෙයුම්, නිරීක්ෂණය, නඩත්තු කිරීම, සේවා සහ විදුලි හා කාර්මික පද්ධති අළුත්වැඩියා කිරීම් හා කාර්මික පද්ධති සඳහා ප්‍රවීනයින් වන මැක්පීක් කණ්ඩායම විශේෂයෙන්ම පහසුකම් කළමණාකරණය ආශ්‍රිත තාක්ෂණික උපකරණ , පරිණක මෘදුකාංග සහ මොබයිල් යෙදවුම්, ආදිය සඳහා ද ප්‍රවීන සේවාවක් සපයයි. එම ක්ෂේත්‍රවල සේවාවන් ලබාගැනීම සඳහා වන අධි වියදම් ක්‍රියාවලිය අඩු වියදම් ක්‍රියාවලියක් බවට පත් කර ගැනීම සඳහා මැක්පීක් පුද්ගලික සමාගම සහය වනු ඇත. සිය පාරිභෝගිකයින් දේපළ හෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමේදී ඊට අවශ්‍ය විශිෂ්ට සේවා පහසුකම් සැපයීමට මෙම සමාගම කටයුතු කරනු ඇත.

    සමාගම දියත් කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ මැක්පීක් ලංකා අධ්‍යක්ෂ ට්‍රෙවර් රෙකර්මන් මහතා සඳහන් කළේ නුදුරේදීම ගොඩනැගෙන සංකීර්ණ ගොඩනැගිලි සඳහා නඩත්තු කටයුතු කිරීම අභියෝගාත්මක කාර්යයක් වන අතර තවදුරටත් ඒ සඳහා තාවකාලික විසඳුම් ප්‍රායෝගික නොවන බවයි. තවදුරටත් රජයේ හෝ පුද්ගලික අංශයේ දේපළ නඩත්තු කිරීම නියමානුකූලව සිදු නොකිරීමෙන් ගැටලු රැසකට මුහුණ දෙන බවද හෙතෙම සදහන් කළේය. තවදුරටත් එය ගැටලුවක් බවට පත්කර නොගෙන පහසුකම් කළමණාකරණ සේවා ලබාගැනීම සඳහා වෘත්තීය සේවාවක සහය ලබාගැනීමට සුදුසු අවස්ථාව දැන් එලැඹී ඇති බව ද ඒ මහතා පැවසීය.

    පීක් කන්සල්ටන්සි හි නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් චුආ සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේ සිය සේවාවන් ශ්‍රී ලංකාව දක්වා ව්‍යාප්ත කිරීමට අවස්ථාව හිමිවීම පිළිබදව සතුටට පත්වන බවයි. ආසියාතික රටවල් අතර ක්‍රමානුකූල ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව තුළින් දිස්වන බවත් ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ අරමුණ පෙරදැරි කරගෙන ශ්‍රී ලංකාව දක්වා සිය සේවා ව්‍යාප්ත කළ බවද හෙතෙම කියා සිටියේය. දැනටමත් සිය සමාගම තායිලන්තයේ සහ මියන්මාරයේ සිය සේවා පවත්වාගෙන යන බවත් ඒ අතරට අළුතින්ම එක්වන්නේ ශ්‍රී ලංකාව බව සඳහන් කළේය. ආසියාකරයේ මීළඟ වර්ධනීය ආර්ථිකය හිම රට බවට නුදුරේදීම ශ්‍රී ලංකාව පත්වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මැක්පීක් ලංකා සහ එහි මව් සමාගම් දේශිය ‍වෙළද පල තුල ගුණාත්මක සේවා රැසක් ව්‍යාප්ත කරමින් ඉහළ දක්ෂතා දැක්වීමට අපේක්ෂිතය. දැනට පවතින පහසුකම් කළමණාකරණ සේවා සමාගම් බහුතරයක පළපුරුදු සේවක සේවිකාවන් නොමැති වීම නිසා උසස් තත්වයේ සේවාවක් සැපයීමට සමත් වන්නේ නැත. මැක්පීක් ලංකා සමාගම එම දුර්වලතාව මැනවින් හදුනාගනිමින් සේවා සැපයීම සඳහා විශේෂයෙන් පුහුණු කළ ධාරිතාව වර්ධනය කළ සේවක පිරිසක් යොදා ගනියි.

    එපමණක් නොව මැක්පීක් ලංකා විසින් තිරසර ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සමඟින් පහසු සේවා රැසක් පවත්වනු ලබයි. මේ නිසා අදාල ආයතනවලට සිය ඉලක්ක සපුරා ගැනීමට යාමේදී පහසුකම් කලමණාකාරණ කටයුතු වලින් ඇතිවන බාධාව ඉවත් කර ගැනීමට අවස්ථාව සැලසෙයි. මෙහිදී යොදාගන්නා අමුද්‍රව්‍ය වූවද සහතික ලත් ස්ථානවලින් ලබාගන්නා අතර පිටතින් ලබාගන්නා වෙනත් සේවා ද ඒ ආකාරයටම උසස් තත්වය පිළිබඳ සොයා බලා ලබාගැනීමට කටයුතු යොදා තිබේ. ශ්‍රමයේ අභිමානවත් බව රැකගනිමින් සේවා සපයන ආයතන තුළදී විනය ගරුක හා කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමද මෙහි ඇති විශේෂත්වයක් බව මැක්පීක් ලංකා වෙළඳ ප්‍රධානි අමියු කුමුදන් විසින් කළ ඉදිරිපත් කිරීමේදි අවධාරණය කෙරින.

    මැක්ලරන්ස් සමූහය නාවුක හා සමුද්‍ර කටයුතු මෙන්ම ප්‍රසම්පාදන ක්ෂේත්‍රයේ මැනවින් ස්ථාපිත වූ සමාගමක් වන අතර ශ්‍රී ලංකාවේ නාවුක කටයුතු සම්බන්ධයෙන් කීර්තිමත් සන්නාමයකි. එමෙන්ම එම සමාගම මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගම් රැසක වෙළද කොටස්කරුවෙකි.මැක්ලරන්ස් සමූහයේ හදවත වන්නේ නාවුක හා සමුද්‍ර කටයුතු මෙන්ම ප්‍රසම්පාදන කටයුතු වන නමුත් නෞකා සඳහා තෙල් සැපයීම, තෙල් සහ ගෑස් සේවා, නිෂ්පාදන, ලුබ්රිකන්ට් අලෙවිය, දේපළ සංවර්ධන , හෝටල් සේවා, මෙන්ම උපායමාර්ගික ආයෝජන යන ක්ෂේත්‍රයන් හි ද කටයුතු කරයි.

    වර්ෂ 2007 දී පිහිටුවා ගන්නා ලද පීක් ඉංජිනියරින් සහ කන්සල්ටන්සි සමාගම පරිපූර්ණ කළමණාකරණ සේවා සපයන සමාගමකි.දේපළ කළමණාකරණය, මෙහෙයවීම සහ නඩත්තුව සහ උපදේශන සේවා සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යයි. සිය වේගවත් වර්ධනය තවදුරටත් ව්‍යාප්ත කළ පීක් ඉංජිනියරින් සහ කන්සල්ටන්සි සමාගම මේ වනවිට තායිලන්තය සහ මියන්මාරය දක්වා සිය සේවා පුළුල් කර තිබේ.ආර්ථිකයේ ප්‍රමුඛ අංශවල නිරත ගණුදෙනුකරුවන් රැසකගෙන් සමන්විත පීක් ඉංජිනියරින් සහ කන්සල්ටන්සි සමාගම ආර්ථිකය තුළ සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරන සමාගමකි.