April, 26, 2022
රුසියාව සහ යුක්රේනය අතර පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයින් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව මාස දෙකක (02) කාලයක් සඳහා ඔවුන් වෙත නිකුත් කර ඇති සංචාරක වීසා බලපත්‍ර දීර්ඝ කිරීම පිණිස 2022 පෙබරවාරි මස 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් සමනය වී නොමැති බැවින්, ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින රුසියානු සහ යුක්රේන ජාතිකයින්ට තවදුරටත් මෙරට රැඳී සිටීමට හැකි වන පරිදි ඔවුන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීම පිණිස සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story