මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ පෙරළියක් ඇරඹේ

    April, 19, 2014

    මෙරට යල්පැන ගොස් තිබෙන විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය නව ලොවට ගැලපෙන පරිදි නවීකරණය කිරීමේ කටයුතු සඳහා මුල පිරූ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.

    උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අප සමග පැවසුවේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ මුල් පියවර ලෙස සෑම පීඨයකම සිසුන්ට අඩුම ගණනේ එක අත්පොතක් හෝ ලබාදීමට මේ වනවිට කටයුතු කර තිබෙන බවයි.

    “මෙම අත්පොතේ අඩංගු වන්නේ විෂය කරුණු. හාවඩ් වැනි විශ්ව විද්‍යාලවල ලබාදෙන මට්ටමේම අත්පොතක් ලබාදෙන්නයි අපි සැලසුම් කර තිබෙන්නේ. මෙහිදී, ශිෂ්‍යයා මෙම පොතේ තිබෙන කරුණු හදාරා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුයි. මීට අමතරව, සෑම පාඩමකින්ම තමන් උගත් කරුණු පිළිබඳව පවර් පොයින්ට් ඉදිරිපත් කිරීමක් කළ යුතුයි. මේ ආකාරයේ ප්‍රායෝගික වැඩසටහන් රැසක්ම මෙම ප්‍රතිසංස්කරණවල ඇතුළත් වෙනවා.“

    යනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කීය.

    මීට අමතරව, මෙම ප්‍රතිසංස්කරණ වලට අදාළව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් දියත් කරන බවද හෙතෙම අප සමග වැඩිදුරටත් පැවසීය.