මේ නත්තලේ සතුටින් තෑගි දෙන හොඳම විදිහ Daraz “Grand Christmas Sale”

    November, 30, 2020

    ලොව ප්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz.lk විසින් ළඟ එන ප්‍රීතිමත් නත්තල් උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් 80% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන දෙකක් වටිනා තෑගි වවුචර්පත් පිරිනමයි. ඔබේ ප්‍රියතම සන්නාමයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන, නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැළඳුම් වර්ග රැසක් මෙන්ම එදිනෙදා දිවිය පහසුකරන නිෂ්පාදනයන් රැසක් සඳහා “නගරයේ අඩුම මිල ගණන්”, පොලී රහිත මාසික ගෙවීමේ ක්‍රම, බැංකු කාඩ්පත් වට්ටම් ඇතුළු තවත් සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් සපිරිව සදා මතකයේ රැඳෙන අසිරිමත් අන්තර්ජාල සාප්පු සවාරියක මිහිර මෙවර Daraz නත්තල් ප්‍රවර්ධන වැඩසටහනේදී හිමිවේ. Daraz “Grand Christmas sale” නත්තල් ප්‍රවර්ධන වැඩසටහන දෙසැම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වේ.

    Daraz සතු සුපිරි අලෙවි අවකාශය වන Daraz Mall ඵ්කක දින 14 ක නැවත ආපසු භාරදීමේ හැකියාවද සමග දෙස් විදෙස් පාරිභෝගික ජනතා විශ්වාසයට පාත්‍ර වූ සුපිරිතම සන්නාම 450 කට අධික ප්‍රමාණයක අනගි නිෂ්පාදන පෙළක් ඉදිරිපත්කොට තිබේ. Samsung ස්මාට් ජංගම දුරකතන සඳහා 20% ක වට්ටමක් ලබාගත හැකි අතර බ්‍රවුන්ස් සමාගම වෙතින් රූපවාහිනී, හෝම් තියටර් සිස්ටම්, ශීතකරණ, වායුසමීකරණ යන්ත්‍ර හා රෙදි සෝදන යන්ත්‍ර සඳහා 70% ක් දක්වා දැවැන්ත වට්ටම් සමග රුපියල් මිලියනයක් වටිනා bundle offer දීමනා රැසක් දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගියන්ට හිමි වේ. Vantage වෙතින් මිලදී ගන්නා ෂර්ට් දෙකක් සඳහා එක් ෂර්ට් එකක් නොමිලේ හිමිවේ. Demak මෝටර් සයිකල් මිලදී ගැනීමේදී රු. 20, 000 ක වට්ටමක් සමග නොමිලේ ලියාපදිංචිය, වාහන සේවා, හෙල්මට් එකක් හා ජැකට් එකක්ද නොමිලේ හිමිවේ. තවද “Daraz Easy bills” හරහා විදුලි බිල්පත් ගෙවීමේදී අමතර 10% ක විශේෂ මිල අඩුකිරීමක්ද හිමිවේ.

    විනෝදාත්මක ඔන්ලයින් ක්‍රීඩා හා නොමිලේ දීමනා යනාදී අන්තර්ජාල මිලදී ගැනීම් දිරිගන්වන විශේෂ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් රැසක්ද මෙවර Daraz “Grand Christmas sale” නත්තල් ප්‍රවර්ධන වැඩසටහන තුළ අන්තර්ගතය. ප්‍රවර්ධන කාල සීමාව තුළ, “Secret Santa” ක්‍රීඩාව සමග එක්ව දෙස් විදෙස් ප්‍රමුඛ පෙළ සන්නාමයන්ගේ නිෂ්පාදන රැසක් රුපියලක් වැනි ඉතා සුළු මුදලකට දිනාගැනීමේ අවස්ථාව ඔබට උදාවේ. තෝරාගත් ලැයිස්තුවකින් පාරිභෝගිකයා මිලදීගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ Shopping Cart පහසුකමට එකතු කර Xiaomi Redmi note 9s නොමිලේ දිනාගැනීමේ අවස්ථාව, “Mission to Christmas” ක්‍රීඩාවේ යෙදීමෙන් Apple iPhone 12 mini ස්මාට් ජංගම දුරකතන, වවුචර්පත් සහ ත්‍යාග දිනාගැනීමේ හැකියාවත් Daraz first games ක්‍රීඩාවේ යෙදීමෙන් විනෝදාස්වාදය ලැබීමේ හැකියාවත් ජයග්‍රහණ ලකුණු ප්‍රමාණය අනුව හිමිවන points සහ වවුචර්පත් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් වෙනුවට භාවිතා කිරීමේ හැකියාවත් එහිදී හිමිවීම කැපීපෙනෙයි. තවද එහිදී Daraz අන්තර් PUBG තරගාවලිය සමග එක්ව පකිස්ථානය, බංගලාදේශය හා නේපාලය යන රටවල් වලින් එක්වන ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරමින් වටිනා ත්‍යාග දිනාගැනීමේ හැකියාවද ඇත.

    Oppo, GoPro, Lenovo, ලක්සැල ට්‍රේඩ් සෙන්ටර්, Laveena Sarees, Marvel Marketing, Asus, Quantum Fitness, Remax, REVLON, Signature, Tecroot, The Concept Store, යමහා මියුසික් සෙන්ටර්, ආපිකෝ, Avirate, Cable & things, Celcius, Hasbro, Hemas ,Iris garden, Demak, Miika, SawyCare, Vtec home සහ SKMEI යන දෙස් විදෙස් ආයතන රැසක් සමග අත්වැල් බැඳගෙන ඉදිරිපත් කෙරෙන Daraz “Grand Christmas sale” නත්තල් ප්‍රවර්ධන වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා Samsung, Uniliver, බ්‍රවුන්ස් සහ සමාගම, Huawei, Vantage සහ Reckitt benckiser යන සමාගම් සම අනුග්‍රාහකත්වය ලබාදෙයි.

    Daraz “Grand Christmas sale” නත්තල් ප්‍රවර්ධන වැඩසටහන සමග එක්වන ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, මහජන බැංකුව, යුනියන් බැංකුව, ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව, සණස සංවර්ධන බැංකුව, HNB, HSBC සහ NDB බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් 10% විශේෂ වට්ටමක් සහ පොලී රහිතව කොටස් වශයෙන් මාස 60 ක පහසු ගෙවීමේ ක්‍රමවේදයක් සලසා දෙයි. එමෙන්ම Mastercard සහිත සියළු ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 12% ක විශේෂ වට්ටමක්ද හිමිවේ. (කොන්දේසි සහිතයි)