මොබිටෙල් ‘112 වැනි උතුරු සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගාවලිය බලගන්වයි

    March, 9, 2018

    ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, යාපනය මධ්‍ය මහ විද්‍යාලය සහ සාන්ත ජෝන් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘2018 උතුරු සටන 112 වැනි මහා ක‍්‍රිකට් ගැටුම’ වෙනුවෙන් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබා දෙයි.

    2018 මාර්තු 8, 9 සහ 10 යන දිනවලදී ඉහතින් සඳහන් කළ යාපනය පාසල් ද්විත්වය අතර වන මෙම මහා ක‍්‍රිකට් ගැටුම සිදුවන අතර මාර්තු 17 වැනිදා සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබේ. යාපනය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රමුඛතම පාසල් ද්විත්වය අතර සිදුවන මෙම වාර්ෂික ක‍්‍රීඩා සංග‍්‍රාමය, පාසල් දිවිත්වයේම ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන්, ගුරුවරුන් මෙන්ම අදාළ ප‍්‍රදේශවල සිටින සාමාන්‍ය ක‍්‍රිකට් ක‍්‍රීඩාලෝලීන් ඉමහත් බලාපොරොත්තුවෙන් මගබලා සිටි ක‍්‍රිකට් තරගාවලියකි.

    ඡායාරූපය - (වමේ සිට දකුණට) එස්. කේ. එලිවෙන්තන් - විදුහල්පති, යාපනය මධ්‍ය මහ විද්‍යාලය, සුගත් අබේසිංහ - ප‍්‍රාදේශීය ප‍්‍රධානී- මොබිටෙල් (පුද්.) සමාගම සහ වි. එස්. බී. තුසීතරන් - නියෝජ්‍ය විදුහල්පති යාපනය සාන්ත ජෝන් විද්‍යාලය.