මෝඩිගේ වාසනාව සමග එන අපේ අපනයන කරුවන්ගේ වාසනාව

    May, 16, 2014

    නරේන්ද්‍රසිං මෝඩිගේ ප්‍රධානීත්වයෙන් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මහ මැතිවරණය උඩින්ම ජයගනිමින් සිටීම හමුවේ ඉන්දීය රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අධිප්‍රමාණය වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මෙයට හේතුවී තිබෙන්නේ මෙම නව දේශපාලන පෙරළිය හමුවේ විශ්වාසය තබා ඇති ආයෝජකයින් එරට කොටස් වෙළඳ පොළේ සහ ණය වෙළඳ පොළේ ආයෝජන වැඩි කිරීමයි.

    මේ නිසා, එරටට ගලා එමින් තිබෙන ඩොලර් ප්‍රමාණය වැඩිවෙමින් තිබෙන අතර ඉන්දියානු රුපියල අධි ප්‍රමාණය වීමට එය හේතුවී තිබේ.

    ඉන්දියානු රුපියල අධි ප්‍රමාණය වීම මෙරටින් භාණ්ඩ ඉන්දියාවට යවන අපනයනකරුවන්ට වඩාත් වාසිදායක තත්ත්වයක් වේ.

    මන්දයත්, එවිට මෙරටින් ඉන්දියාවට යවන භාණ්ඩවල මිල ඉන්දීය වෙළඳ පොළේ අඩුවීම නිසා ඒ සඳහා තිබෙන ඉල්ලුම වැඩිවීමට එය හේතුවක් වේ.

    ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට තරම් මැතිවරණ ජයග්‍රහණයක් මෝඩි මේ වනවිටත් ලබාගෙන තිබේ.