December, 8, 2020
නාගරික සංවර්ධන අධිකාරිය විසින් යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස 500කින් යුත් මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එහි පළමු අදියර යටතේ මහල් 12ක ගොඩනැගිල්ලක වර්ග අඩි 600කින් යුත් නිවාස 132ක් සහ වර්ග අඩි 900කින් යුත් නිවාස 22ක් වශයෙන් නිවාස 154ක් ඉදි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කර තිබේ.
ව්‍යාපෘතිය සඳහා මුළු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 1,503.30ක් වන අතර, ඉදිකිරීම් සඳහා වන පිරිවැය පෙර විකුණුම් මඟින් සලසා ගැනීමට අපේක්ෂිතය.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story