යන විදිහට 2020දී අපි විදුලිය අර්බුදයක -ආචාර්ය තිලක් සියඹලාපිටිය අවධාරණය කරයි

    March, 11, 2015

    යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම නියමිත කාලයට සිදුකර ගැනීමට නොහැකිවීම නිසා මෙරට විදුලි බල ක්ෂේත්‍රය 2000 දී අත්දුටු ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබාදීමට නොහැකිවීමේ අර්බුදයට නැවතත් 2020 දී ඇද වැටෙනු ඇතැයි බලශක්ති විශේෂඥයෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

    ඔහු සඳහන් කළේ සාම්පූර් ගල් අඟුරු බලාගාරය ආරම්භ කිරීම ප්‍රමාදවීමත් විදුලි බලය සඳහා තිබෙන ඉල්ලුම දිනෙන් දිනම වර්ධනය වීමත් හේතුවෙන් 2020 දී නැවතත් මෙරටට වැඩිමිල ඩීසල් ඉන්ධන බලාගාර වෙත යාමට සිදුවනු ඇති බවයි.

    ඩීසල් මගින් විදුලිය උත්පාදනය කිරීම අධික වියදම් ගෙන දෙන්නක් නිසා මේ තුළින් රටට වැඩි පීඩනයක් ඇතිවන අතර සාම්පූර් බලාගාරය ඉදිකිරීම් ආරම්භ කර එය සම්පූර්ණ කිරීම සඳහා වසර 05 ක් පමණ ගතවෙනු ඇතැයි හෙතෙම පැවසීය.

    විවිධ හේතු නිසා සාම්පූර් බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට අහිතකර ප්‍රතිඵල ඇති කරනු ඇති බවත් මේ වනවිට ලංකාවේ කිසිදු බලාගාරයක් අළුතින් ඉදි නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් යෝජිත ත්‍රිකුණාමලය සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා දෙරට අතර ගිවිසුම් 2013 වසරේදී කොළඹදී අත්සන් තබන ලදී.

    මෙම බලාගාරය මගින් මෙගාවොට් 500 ක විදුලිය ධාරිතාවයක් උත්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන අතර ව්‍යපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 512 ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

    ගිවිසුම අත්සන් තබා වසරක් ඇතුළත ඉදිකිරිම් ආරම්භ කළ යුතුව තිබුණත් මෙහි ඉදිකිරීම් තවමත් ආරම්භ කර නොමැත.