යුක්‍රේනයේ සිටින සිසුන් 14 ක් ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන් 40කට දැනුම් දීමක්

    February, 22, 2022

    ශ්‍රී ලංකා රජය යුක්රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කිව් සඳහා සමගාමීව අක්ත ගන්වන ලද අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, යුක්රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනෙකු ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටියි.

    යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හය දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතිරි සිසුන් අට දෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වයි.

    විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙසත්, විදේශ අමාත්‍යාංශය යුක්රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. දැනට යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබා දෙයි.