November, 2, 2017
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් ඊයේ (01) දිනයේ දී UML Heavy Equipment Limited හි කොටස් මිලියන 7.5 ක ආයෝජනයක් තර තිබේ. මෙහිදී එක් කොටසක් සඳහා නියම වී ඇති මිල රු. 10.00 කි.
නොබෝදා සංස්ථාපනය කරනු ලැබූ UML Heavy Equipment Limited සමාගම මෙරට ඉදිරිකිරීම් කර්මාන්තය සඳහා යොදා ගනු ලබන සියලූම බර යන්ත්‍රෝපකරණ, කෘෂිකාර්මික, අපද්‍රව්‍ය මෙහෙයුම්, බිම් සැකසුම් යනාදී කර්මාන්තයන් සඳහා අවශ්‍ය කෙරෙන යන්ත්‍රෝපකරණ ආනයනය හා බෙදාහැරීම සිදුකිරීමට නියමිතය.
2017 නොවැම්බර් 01 වන දින සිට UML Heavy Equipment Limited සමාගම, යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී පූර්ණ අනුබද්ධ සමාගමක් ලෙසින් කටයුතු කරනු ලබන බව සමාගම් ලේකම්වරයා විසින් කොටස් වෙළෙඳපොළ වෙත දන්වා සිටී.
Video Story