යූරෝ මිලියන 106කට පානදුර රෝහලේ සංවර්ධනය ජර්මනියේ GITEC-IGIP ට තීන්දුයි

    January, 9, 2019

    පානදුර මූලික රෝහල සඳහා මහල් 6 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරීම, කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම, අප ජලය පවිත්‍ර කිරීමේ පවිත්‍රාගාරයක් ඇතුළු ඉදි කිරීම් සහ ඒවා සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යූරෝ මිලියන 106.49ක මුදලකට ජර්මනියේ M/S GITEC-IGIP GmbH වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.