යෙන්, යුවාන්, යූරෝ බැඳුම්කර අලෙවියට ආණ්ඩුවේ සූදානමක්

    August, 22, 2018

    ශ්‍රී ලංකා රජය විසින් 2017 වර්ෂයේ සිට වාර්ෂික අයවැය මූල්‍යයනය කීරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරනු ලබන අතර 2018 වර්ෂය දක්වා නිකුත් කරන ලද එකී බැඳුම්කර එක්සත් ජනපද ඩොලරවලින් නිකුත් කරනු ලැබ ඇත.

    වර්තමාන ආර්ථික ක්‍රියාකාරකම් තුළ අපනයන විවිධාංගීකරණය, විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අඩු පිරිවැයක් සහිතව අයවැය මූල්‍යයනය කළමනාකරණය අපේක්ෂාවෙන් යෙන්, රෙන්මිඹි (යුවාන්) සහ යූරෝ වැනි විදේශ මුදල් ඒකකවලින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනවාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.