යොවුන් ව්‍යවසායකයින් 47කට මිලියන 21ක්

    August, 6, 2018

    යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් මේ වන විට දිරිය තරුණ තරුණියන් 47 දෙනෙකුට මිලියන 21කට අධික ණය මුදලක් ලබා දී ඇත.

    මෙම ණය යෝජනා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා බැංකුව මගින් නිකුත් කළ ප‍්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය විය.

    මෙම ණය ලබාගත් තරුණ තරුණියන් අතර ඇගළුම්, රූපලාවන්‍ය, ඉදිකිරීම්, තාක්‍ෂණික හා කාර්මික ක්‍ෂේත‍්‍ර මෙන්ම ඡායාරූපකරණය ආදී විවිධ ක්‍ෂේත‍්‍රයන් හා සම්බන්ධව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සුදුසුකම් ලබා තිබුණි. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මේ වන විට ණය අයදුම්කරුවන් සදහා ව්‍යාපාර සැළසුම් 330ක් පමණ සකස්කර ඇති අතර පළාත් අතරින් සබරගමුව, දකුණු සහ උතුරු පළාත් නියෝජනය කරමින් වැඩි ණය ඉල්ලූම්පත් ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි.

    තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සදහා ඇප නොමැතිව/ලිහිල් ඇප ක‍්‍රමයක් යටතේ මෙම ණය ප‍්‍රදානය සිදු කරයි. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියළුම දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක‍්‍රියාත්මක වේ.

    News.lk