රක්ෂණ මණ්ඩලයේ මුල් පුටුව දමයන්ති ප්‍රනාන්දුට

    October, 7, 2014

    මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ (Insurance Board of Sri Lanka) අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නීතිඥවරියක වන දමයන්ති ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.

    මෙම පත්වීමට පෙර ඇය මාස 07 ක කාලයක් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය.

    දමයන්ති ප්‍රනාන්දු මහත්මියට නියාමන ක්ෂේත්‍රයේ වසර 16 ක පමණ පළපුරුද්දක් ඇත.