March, 29, 2022
තාක්ෂණය පදනම් වූ සමාජයක් (Smart Nation) ඇති කිරීම රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණක් වේ. ඒ යටතේ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රජයක් පිහිටු වීම සහ ඩිජිටල් වෂයෙන් බලගැන් වූ ආර්ථිකයක් පිහිටුවීම, රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ උපායමාර්ග වශයෙන් හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, රජයේ කාර්යාලයන්හි භාවිතය සඳහා වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ධාරිතාව අඩු - වැඩි කළ හැකි ආරක්ෂිත සංනිවේදන වේදිකාවක් (Communication Platform) නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ යටතේ මධ්‍යගතව පාලනය වන සහ විශේෂයෙන් රජයේ භාවිතය සඳහා වඩාත් පුළුල් වූ විද්‍යුත් තැපෑලක සහ සහයෝගිතා විසඳුමක් (E-mail and Collaboration Platform) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එම වැඩපිළිවෙල යටතේ රජයේ ආයතන සඳහා විද්‍යුත් තැපැල් සහ සහයෝගිතා විසඳුම් පරිශීලක ගිණුම් 100,000ක් ආරම්භ කිරීමටත්, එහි පළමු අදියර වශයෙන් පරිශීලක ගිණුම් 30,000ක් කඩිනමින් ආරම්භ කිරීමටත් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණීස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධීපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
Video Story