රජයේ නිළධාරීන්ගේ බලපත්‍ර වාහනවල මිලට මොකද වෙන්නෙ ?

    October, 30, 2014

    2015 අයවැය මගින් වාහන ආනයනය කිරීමේදී හඳුන්වා දුන් සරල බදු ක්‍රමය නිසා මෝටර් රථ හා වෑන් රථවල මිල ගණන් අඩුවුවත් රජයේ නිළධාරීන් විසින් තීරුබදු සහන මත මිලදීගන්නා වාහනවල මිල ගණන් වෙනස් නොවන බව අනාවරණය වේ.

    ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “බදු අඩුවුවත් රජයේ නිළධාරීන්ට බලපත්‍ර මත ලබාදෙන වාහනවල මිල ගණන් වෙනස් වෙන්නෙ නෑ.“

    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවීමට නියමිතය.