රජයේ ප්‍රචාරක අයවැයෙන් 25%ක් රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත

    September, 10, 2020

    රාජ්‍ය මාධ්‍ය ආයතනයන් රාජ්‍ය අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාමට හැකි වනු පිණිස සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25%ක වටිනාකමකින් යුත් ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධීව රූපවාහිනී මාධ්‍ය ජාලය සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතන මඟින් අනිවාර්යයෙන් ප්‍රචාරය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.