රජයේ රෝහල් 40ක රෝගීන් ලක්ෂ 50කට ඩිජිටල් පහසුකම්

    February, 1, 2021

    ඩිජිටල්කරණය වූ රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ පනහකට වැඩි  (5,047,798) ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි. මෙම රාජ්‍යය සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය වැඩපිළිවල යටතේ  ලියාපදිංචිවසේවා ලබාගත් අවස්ථා  ලක්ෂ එකසිය තිස්හතරක් (13,456,153) ඉක්මවා ඇතිබව ඊට අදාළ මෘදුකාංග වාර්තාවන් පෙන්නා දෙයි. මේ වන විට දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු රෝහල් 40 කට පමණ මෙම මෙම ඩිජිටල්කරණ වැඩසටහන හදුන්වා දී ඇතැයි ද එම කටයුතු ඉතා සාර්ථකව සිදුවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් ප්‍රධානී ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කරයි.

    මේ ඩිජිටල්කරණ ව්‍යයාපෘතිය යටතේ රෝගියෙකු රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමේදී පෞද්ගලික සෞඛ්‍යය අංකයක්    සහිත බාකෝඩ් කේතයක් ලැබෙන අතර රෝග විස්තරලබාගත් ප්‍රතිකාර , අදාළ වෛද්‍ය වාර්තා, ඒ යටතේ තොරතුරු පද්ධතියට ඇතුලත් වේ. මෙනිසා  රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම  ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ. එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදුවුව‍හොත්  රෝගී ඉතිහාසය පිලිබඳ දත්ත පෞද්ගලික සෞඛ්‍ය අංකය සහිත බාකෝඩ් අංකය යටතේ වාර්ථා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එහි අඩංගු තොරතුරු  පරිශ්‍රීලනය කිරීමටත් රෝග විනිශ්චයන් සඳහාත්  පහසුවේ.

    රෝගීන්ට ‍බෙහෙත් නිකුත් කිරීම සහ බාහිර රෝගී අංශයේ  ඖෂධ තොග කළමණාකරණය කිරීමද මෙම ඩිජිටල්කරණය ඔස්සේ සිදුකිරීමද විශේෂත්වයකි. මෙම තත්වය නිසා බාහිර රෝගී අංශවල පැවතී තදබදය අවමවී ඇති අතර රෝගීන්ට ඉතා කෙටි වෙලාවකින් ප්‍රතිකාර ගෙන පිටව යාමට හැකිවිතිබේ.

    මේ වන විට ඩිජිටල්කරණය කල රජයේ රෝහල්වල ක්‍රියාත්මක රෝගීන් සඳහාවූ වේලාවන් නොමිලයේ වෙන්කර ගැනීමේ ඉ -චැනේලින්  සේවාව  වඩාත් ඵලදායි මහජන සේවාවක් ලෙස වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි  ද  ශ්‍රීයානන්ද  මහතා වැඩිදුරත්  ප්‍රකාශ කරයි. මෙම ඩිජිටල් සෞඛ්‍ය  ව්‍යාපෘතිය සෞඛ්‍ය  අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව ක්‍රියාවට නගයි. මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ  සහ නාවුක හමුදාවේ ප්‍රධාන  රෝහල්  තුනක ද ඩිජිටල් සෞඛ්‍ය තොරතුරු පද්ධති ස්ථාපිත කර ඇති අතර  ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි වී සේවාවන් ලබාගනිමින් සිටී.