රජයේ සුරැකුම්පත් – සතියක් තුළ දී රු. බිලියන 11.42 ක විදෙස් ආයෝජන ඉවතට

    March, 2, 2020

    2020 පෙබරවාරි 26 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදේශීය ආයෝජන හිමිකාරීත්වය රුපියල් මිලියන 91,240 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

    කෙසේ වෙතත් 2020 පෙබරවාරි 19 දිනට මෙම අගය රුපියල් මිලියන 102,664 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මේ අනුව 2020 පෙබරවාරි මාසයේ දී අවසාන සතිය තුළ දී, රජයේ සුරැකුම්පත්වලින් රුපියල් මිලියන 11,424 ක හෙවත් රුපියල් බිලියන 11.42 ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලින් රජයේ සුරැකුම්පත් සමන්විත වේ.