රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට

    June, 19, 2018

    2018 ජූනි 06 සිට ජූනි 13 දක්වා සතියක කාලපරිච්ඡේදයක් තුළ දී රජයේ ආයෝජනවල කර තිබුණු රුපියල් මිලියන 2,723 ක සිය ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ.

    රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා වාර්තාවට අනුව 2018 ජූනි 13 දින වන විට විදෙස් ආයෝජකයින් විසින් දරනු ලබන රජයේ සුරැකුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 301,733 ක් ලෙසින් සටහන් වේ.

    කෙසේ වෙතත් ඊට සතියකට පෙර එනම් 2018 ජූනි 06 දින වන විට එම ප්‍රමාණය දැක්වුණේ රුපියල් මිලියන 304,456 ක් ලෙසිනි.

    පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ වාර්තාවයි.