June, 12, 2023
බැඳුම්කර ගනුදෙනු, අධිවේගී මාර්ග ඉදිකිරීම්, මල්වානේ බංගලාවක් ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ දූෂණ චෝදනා ලැබූවන් වැරදිකරුවන් නම් ඒ වෙනුවෙන් රජයට වන්දි ලබා ගත යුතු අතර ඔවුන් නිවැරදිකරුවන් නම් ඔවුන්ගේ ප්‍රතිරූපවලට තව දුරටත් හානි නොකර ඒ බව ප්‍රකාශයට පත් කරන්නට පියවර ගන්න යැයි ඉරාන් වික්රමරත්න මහතා රජයට දැනුම් දුන්නේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් ඇමතූ ඉරාන් වික්රමරත්න මහතා පසුගිය මැතිවරණ සමයේ රාජපක්ෂවරු ප්‍රමූඛ පොහොට්ටු පක්ෂය වත්මන් ජනාධිපතිතුමාටද බැඳුම්කර සොරකම් පිළිබඳව විශාල චෝදනා එල්ල කළ බව කීය. "පසුගිය මහ මැතිවරණ සමයේ රාජපක්ෂ රජයේ ප්‍රධාන පොරොන්දුව වූයේ මහ බැංකු බැඳුම්කර මහ හොරා අල්ලනවා කියාය. එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ආණ්ඩුවකින් රටට රුපියල් බිලියන ගණන් බැඳුම්කර සොරකමෙන් පාඩු වුනා යැයි රට වටේ ගිහින් කිව්වා. ඇයි එහෙනම් බැඬුම් කර හොරු ඇල්ලුවේ නැත්තේ යැයි ජනතාව ප්‍රශ්න කළ යුතුයි."
වත්මන් ජනාධිපතිතුමාටද එදා පොහොට්ටු පක්ෂයෙන් චෝදනා එල්ල කළා යයි කී හෙතම අදාළ අයට එරෙහි නඩු පැවරිය යුතුයි, එසේ නැතිනම් ඒ අයට කලු පැල්ලම් එකතු නොකර එවන් චූදිතයන් නිවැරදි යැයි කියමින් රටට හෙළි කරන මෙන් රාජපක්ෂ රජයට අභියෝග කළේය.
ඒ වගේම කොළඹ කොටුවේ ඉදිවෙමින් පවතින ක්‍රිෂ් ව්‍යාපෘතියෙන් දූෂණ සිදුව ඇති බවට ජ.වි.පෙ. නියෝජිතයන් උසාවියට වාර් තා කළ අතර පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ නම් ද ඒවාට සම්බන්ධ යැයි කියවුණා. හෙලො- කෝස්ට් කියා තවත් දූෂණ ගනු දෙනුවක් ගැනත් ප්‍රකාශ වුනා. ඒ වගේම මල්වානේ බංගලාවක් ගැන ලොකු හා හූවක් සමඟ නඩුවක් තිබ්බා. දිවි නැගුම නඩුවකුත් තිබ්බා මේ සියල්ලට චූදිතයන් වූයේ පොහොට්ටුවේ හා රාජපක්ෂ පවුලේ අයයි.
"අධිවේගී මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් ප්‍රදාන්නයේ දී විශාල චෝදනාවල් එල්ල වුනා. මේවා චෝදනා ලෙසම කාලය ගෙවී යෑමට ඉඩ සැලසීම රජය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වීමටත් හේතුවෙනවා. මෙසේ දූෂණ හා සොරකම් පිළිබඳ චෝදනා ලැබූවන් එම වරදවලට වරදකරු නොවේ නම් තව තුරටටත් ඔවුන්ගේ ප්රතිරූපවලට හානි සිද්ධ නොකර ඔවුන්ව නිදොස් කොට නිදහස කිරීමට කටයුතු කළ යුතුයි. ඔවුන් වරදකරුවන් නම් රජයට වූ පාඩුව ප්‍රතිපූර්ණය කිරීමට රජය නිසි පියවර ගත යුතුයි."
රජයෙන් යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසුමට භාජනය වූ අවස්ථාවේ එහි වගන්ති 24 ක් සංශෝධනය කළ යුතු බවට ප්‍රකාශවිය. සාමාන්‍යයෙන් පනත් පිළියෙල කරන නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තු නිලධාරීන්ද මෙය ලිව්වේ කියා අසන්නට වෙනවා. රජය දූෂණ විරෝධී පනත නීති ගත කළ ද හොරු අල්ලන පාටක් පෙනෙන්නේ නැහැ. එක්ස්ප්‍රස් පර් ල් නැවෙන් විශාල හානියක් සිදුවුනා. අධිකරණ අමාත්යවරයා ප්රකාශ කළා එක්ස්ප්‍රස් පර් ල් නඩුව යටපත් කරන්නට පුද්ගලයෙකුට ඩොලර් මිලියන 250 ක් ගෙවා තිබෙන බව. මෙවන් චෝදනා පිළිබඳව රජය මෙතෙක් කිසිදූඋ පියවරක් නොගෙන සිටින විට නව පනත සම්මතවූවද එවැනි දූෂිතයන් අල්ලන්න රජය කටයුතු කරාවි දැයි සාධාරණ සැකයක් ඇති වනවා යැයි කීය.
ගුවන් තොටුපළේ ප්‍රභූ පර් යන්තය හරහා රත්‍රන් හා ජංගම දුරකතන ගෙනාපු මන්ත්‍රී වරයා දඩ මුදලක් ගෙවා නිදහස් කළා. ඒ වගේම මන්ත්‍රීවරයා ගෙන ආ ප්‍රමාණයට ආසන්න ප්‍රමානයක් රත්තරං ගෙන ආ පුරවැසියෙකුට ගැසූ දඩයෙන් 10 % වැනි ප්රමාණයයි මන්ත්රී වරයාට දඩ නියම කළේ. එක හා සමාන වැරදි දෙකකට දෙවිදියකට දඩ ගසන්නේ නම් එහි පිටුපස අදිසි හස්තයක් තිබෙන බවට සාධාරණ සැකයක් මතුවෙනවා යැයි ඉරාන් වික්රමරත්න මහතා කීය.
රේගු පනත අනුව මන්ත්‍රීවරයෙකුට එක නීතියකුත් රටේ සමාන්‍ය පුරවැසියෙකුට වෙනත් නීතියකුත් වශයෙන් එකම වරදට නීති දෙකක් ක්‍රියාත්මක කරන විට රජය යෝජනා කරන දූෂණ විරෝධී පනත භාවිතයට ගෙන හොරු අල්ලන්නට හැකි වේවිදැයි වික්‍රමර්ත්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
රජය පාර් ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී පනතේ තිබෙන මර්දන කාරී කරුණු ද ජනතාවගේ අවධානය පිණිස මන්ත්‍රී වරයා ඉදිරිපත් කළේය. මහා පරිමාණ දූෂණ චෝදනාවකට වරද කරුවන පුද්ගලයෙකුට වසර 4 ක් උපරිම සිර දඬුවම් නියම කෙරේ. දූෂණයක් පිළිබඳව යම් තැනත්තෙක් පැමිණිල්ලක් කරන ලඩුව එම චෝදනාව ඔප්පු කළ නොහැකිවුවහොත් පැමිණිලි කළ පුද්ගලයාව උපරිම වසර 10 ක කාල සීමාවකට හිරේ යැවීමට මෙම නව පනතේ ප්‍රතිපාදන ඇතුළත් කර තිබේ
හොරු ඇල්ලීම ගැන කතාව විනා ක්‍රියාවක් මේ රජය යටතේ නැතැයි චෝදනා කළ හෙතම ශ්‍රී ලංකාවේ දූෂණ චෝදනා තුනකට විදේශ රාජ්‍යයන්හි අධිකරණවලින් දඬුවම් දුන් බව සිහිපත් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ එවක අධිපති අජිත් නිවාර්ඩ් කබ්‍රාල් මහතාගේ කාලයේ ඇමරිකානු පුරවැසියෙකුට දුන් ඩොලර් මිලියන 6.5 ක මුදල් විශුද්ධි කිරීමේ චෝදනාව මත ඇමරිකානු අධිකරණය මගින් එම පුද්ගලයාට වසර 12 ක සිර දඬුවමක් පනවන ලදී. තවත් විදේශ අධිකරණ දෙකක ශ්‍රී ලංකා ගුවන් සේවයේ එවක ප්‍රධාන විධායක නිලධාරියාට අල්ලස් දීම හා ඇමරිකාවේ එවක ශ්‍රී ලංකා තානාපතිට විරුද්ධව ද නඩු පවරා තීන්දු ප්‍රකාශයට පත් කරන ලදී. එහෙත් රාජපක්ෂ රජය සමයේ ඔවුන්ගේ හිතවතුන් වූ නිලධාරීන්ගේ මේ වරදවලට විදේශ අධිකරණවල දඬුවම් නියම කරන ලද නමුදූ අද වන තෙක් රාජපක්ෂ රජයන් විසින් එම නිලධාරීන්ට එරෙහි නීති මගින් කටයුතු කර නොමැති යැයි කී ඉරාන් වික්රමරත්න මහතා කොපමණ නීති ගෙනාවත්මෙවන් රජයක් දූෂණයට එරෙහි කටයුතු කරනු ඇතැයි රටේ ජනතාවට අපේක්ෂකළ හැකි දැයි විමසීය.
Video Story