January, 28, 2019
දත්ත විශ්ලේෂණය පිළිබඳව මනා දැනුමක් ඇති විශ්ලේෂකයින් තිදෙනෙකු පමණ අවශ්‍යව ඇති බව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
සිය ෆේස්බුක් හා ට්විටර් පිටුවල මේ බව සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ වෙනුවෙන් දැන්වීමක් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති බවත් සුදුසුකම් ඇති අය හැකි ඉක්මනින් ඒ සඳහා ඉල්ලුම් කරන ලෙසත්ය.
අදාළ දැන්වීමෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ පවතින විශාල ප්‍රශ්න සමඟ උරෙනුර ගැටමින් ඒවා විශ්ලේෂණය කිරීම සඳහා කුසලතාපූර්ණ විශ්ලේෂකයින්ට මින් ආරාධනය කර සිටී.
අදාළ දැන්වීම පහතින් දැක්වේ.

Video Story