රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් ආයෝජන අත්‍යාවශ්‍යයි

    November, 21, 2017

    රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් ආයෝජන අත්‍යාවශ්‍ය බවත් භූගෝලීය පිහිටීම නිවැරැදිව භාවිතා කොට එයින් ධනය ඉපැයීමට පියවර ගත යුතු බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

    වැයශීර්ෂ විවාදයට එක් වෙමින් විශේෂ කාර්යභාර අමාත්‍යවරයා (20) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    විදේශ විනිමය පැමිණීම සඳහා රුපියලේ අගය ස්ථාවරභාවයක තබ ගත යුතුයි..වෙළඳාම අහසෙන් කඩා වෙටෙන එකක් නොවේ. එයට අපේ පිහිටීම වැදගත්. මම වරායක් හදුවට වරදක් කියන්නේ නෑ. ඒවා අවශ්‍යයි. අපි වරායන් අංක එකට ගේන්න ඕන. මේවා අපේ රටට ධනය ගේන උල්පත් විය යුතුයි. නොරොච්චෝලේ අද මෙ.වො. 900ක් දෙනවා. අපි එකතුවෙලා. ආයෝජන ව්‍යාපෘතිවලට උදව් කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.