රට රැකියාවලට යන අයට රජයෙන් අඩුමිලට ගුවන් ටිකට්පත්

    October, 17, 2025

    විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිලිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවුලුවක් ඊ‍යේ (16) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල පාර, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දි විවෘත කරන ලදී.

    මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරිම සිදුකරන අතර ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.

    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

    Video Story

    Stock Market

    Exchange Rates