May, 16, 2023
විගමනික ශ්‍රමිකයන් විසින් එතෙරදී උපයනු ලබන ආදායම් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට ප්‍රේෂණය කිරීම දිරි ගැන්වීමේ අරමුණින්, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022-05-01 දින සිට 2022-12-31 දින දක්වා වන කාලසීමාව තුළ ඔවුන් විසින් මෙරට ප්‍රේෂණය කරනු ලැබ ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කර ගනු ලබයි.
එහෙත්, එම කලෙසීමාව තුළ ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය අනුව ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයන කිරීමට අවකාශ නොසැලසෙන බව පෙනී ගොස් ඇත.
එබැවින්, එම යෝජනා ක්‍රමය යටතේ වාහන ආනයන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය සලකා බලනු ලබන කාල සීමාව 2023-09-15 දින දක්වා දීර්ඝ කිරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story