රට සල්ලි හමුවේ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වුණේ මෙහෙමයි

    May, 29, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2023 වසරේ මැයි 26 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් අතිප්‍රමාණය වී ඇති බව සඳහන් වේ.

    මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇත.

    එහිදී ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 26.4% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 17.0%කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 18.9%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 19.7%කින් 2023 වසරේ මැයි 26 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබේ.

    2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණි.