රත්‍රන් මිල වාර්තාගත ලෙස පහළට

    July, 20, 2015

    රත්‍රන් මිල වසර පහකට පසුව වාර්තා වූ අඩුම අගය දක්වා පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

    මේ අනුව, රත්‍රන් අවුන්සයක මිල ලෝක වෙළඳ පොළේ ඩොලර් 1,088.05 ක් දක්වා පහත වැටී තිබෙන අතර එය 2010 මාර්තු මාසයට පසුව වාර්තා වූ අඩුම අගය බව සඳහන්ය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර තිබෙන්නේ චීනය විසින් රත්‍රන් තොග විකුණමින් සිටීම ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල ගණන අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන බවයි.

    චීනයේ විදේශ සංචිත වලින් සියයට 1.65 ක් පමණ තිබෙන්නේ රත්‍රන් තොග වලිනි.