රන් ණය අපලයෙන් පුද්ගලික ණයටත් වදී

    April, 17, 2014

    ලෝක වෙළඳ පොළේ දිගින් දිගටම රත්‍රන් මිල අඩුවීම නිසා රත්‍රන් ඇපයට තබා ණය ලබාදුන් බැංකු විශාල අර්බුදයකට පසුගිය කාලයේදී මුහුණ දුන් අතර මේ නිසා රත්‍රන් ඇපයට තබා ණය ලබාදීම මෙරට බැංකු විසින් අඩු කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ගිය වසරේදී මෙරට බැංකු ක්‍රමය විසින් පුද්ගලික අංශයට නිකුත් කළ ණය අඩුවීමට ප්‍රධානතම හේතුව වූයේ රන් ණය ලබාදීම අඩුවීම බවයි.

    මේ අතර, පසුගිය කාලයේදී අනාවරණය වූයේ රන් ණය වැඩි වශයෙන් පැහැර හැරීම නිසා මෙරට බැංකු ක්‍රමයට අක්‍රීය ණය වෙනුවෙන් වෙන්කළ යුතු ප්‍රතිපාදනද වෙනදාට වඩා වැඩිවූ බවයි.