රන් බැඳි පියල්ලෙන් වර්ණවත්වූ සසෙක්ස් පාසල් ජාලයේ විශිෂ්ට සේවා ප්‍රණාම උළෙල – 2017

    February, 7, 2018

    දිවයිනේ ඉංග්‍රීසි මාධ්‍ය පෞද්ගලික පාසල් අතර ජනප්‍රියතම සසෙක්ස් පාසල් ජාලයේ සාමජික මහත්ම/මහත්මීන් උදෙසා 2017 වසරේ ඵලදායිතා හා දීර්ඝ සේවාව වෙනුවෙන් සැලසුම් කල සසෙක්ස් විශිෂ්ට සේවා ප්‍රණාම උළෙල පසුගිය දා කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. ශ්‍රී ලංකා “ ඔලිම්පියාඩ්“ පදනමේ නිර්මාතෘ කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය විමලරත්න රාමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ගරු රාජකීය පණ්ඩිත, ශ්‍රාස්තපති, පූජ්‍ය දොඩම්පහල රාහුල නාහිමියන් වහන්සේ හා සසෙක්ස් පාසල් ජාලයේ නිර්මාතෘ හා වත්මන් සභාපති, ප්‍රධාන විධායක නිලධාරි කේ.ඒ .සුනිල් ජයතිස්ස මහතා සම්භාවනීය අමුත්තෝ ලෙස සහභාගි වූහ.

    දිවයින පුරා පිහිටි සසෙක්ස් පාසල් 20 ක් අතුරින් තෝරාගත් විදුහල්පතිවරුන් ගුරුමහත්ම/මහත්මීන් හා සසෙක්ස් ආයතනික ජාලයේ සම්බන්ධිත ජේ .එස්. මුද්‍රණ හා ප්‍රකාශන ඇග්රෝ සේවා ආයතන වල 400 කට අධික මහත්ම/මහත්මීන් උදෙසා රන් ප්‍රනාම, සම්මාන ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කරන ලදි. ප්‍රධාන ආරාධිත කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය විමලරත්න රාමසිංහ මහතා උත්සව සභාව අමතා ප්‍රකාශ කලේ ඕනෑම අධ්‍යයන අංශයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමටත්, සෑම අභියෝගයකින් ජය ගැනීමටත් හොඳම විසඳුම කටපාඩමින් තොරව ගණිත විෂය පිළිබඳව පරිනත අවබෝධයක් ලබාගැනීම බවයි. සසෙක්ස් පාසල් ජාලයේ නිර්මාතෘ හා වත්මන් සභාපති , සුනිල් ජයතිස්ස මහතා අදහස් දක්වමින් සනිටුහන් කලේ මෙම උත්සවයයේදී ප්‍රනාම හා සම්මාන ලැබූවන් උත්සවය අවසානයේදී යම් සතුට කට පත්වන්නේ නම් එය මෙම අවස්ථාව සංවිධානය කිරීමෙන් තමන් ලබන ආත්ම තෘප්තිය බවයි.

    ගරු දොඩම්පහල රාහුල හිමියන් උත්සව සභාව අමතා ප%කාශ කලේ ඕනෑම ආයතනයක දියුණුව තීරණය වන්නේ. එහි සේවය කරන්නන් ගේ වගකීමේ හා වගවීම ස්වභාවය අනුව බවයි. කලා රසාංග කිහිපයකින් උත්සවය වර්ණවත් විය.