රන් මිල අදත් බසී

    October, 22, 2025

    පසුගිය දින කිහිපය තුළ ගෝලීය රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වුවද මේ වන විට එහි පසුබැස්මක් වාර්තා වන අතර අද (22) පෙරවරුව වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,109.19ක් දක්වා 0.4%කින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    ඒ අනුව මෙරට රන් මිල ද ඊයේ දිනයට සාපේක්ෂව රු. 20,000 කින් තව දුරටත් පහළගොස් ඇති බවට වාර්තා වෙයි.

    අද පෙරවරු 10 වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 322,000ක් දක්වාත් කැරට් 24 රන් පවුමක මිල රු. 350,000ක් දක්වාත් පහළ ගොස් ඇත.

    පසුගිය සෙනසුරදා (18) සිට මෙලෙස මෙරට රන් මිලෙහි පහළ යාමක් වාර්තා වෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates