රන් මිල අධිවේගයෙන් පහළට. අදත් දහදාහකින් අඩුවෙලා

    March, 9, 2023

    අද (09) පෙරවරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මේ අනුව ඊයේ (08) පැවති රු. 143,500 ක මිලට වඩා රු. 9,500 ක පමණ මිලකින් අද පෙරවරුව වන විට රන් මිල අඩු වී ඇත.

    මේ අතර කැරට් 24 රන් පවුමක මිල ද රු. 145,000 ක් දක්වා මිල පහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ දී කැරට් 24 රන් පවුමක මිල රු. 155,000 ක් ලෙසින් වාර්තා වුණි.