රන් මිල පාලනයකින් තොරව ඉහළට

    October, 14, 2025

    අද (14) දිනයේ දී මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රු. 20,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මෙරට දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon පවසන්නේ අද පෙරවරු 10.00 වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 337,600 ක් දක්වා ත්, කැරට් 24 රන් පවුමක මිල රු. 365,000 ක් දක්වා ත් ඉහළ ගොස් ඇති බවයි.

    මේ අතර ලෝක රන් අවුන්සයක මිල අද වන විට ඩොලර් 4,162 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

    ලෝක වෙළෙඳපොළේ මිලට සමගාමීව මේ වන විට ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යමින් පවතින බවත් මේ හේතුවෙන් රන් හිඟයක් ද වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බවත් ආරංචි මාර්ගා සඳහන් කර සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates