රන් හිඟය දැඩි වෙයි. කැරට් 24 පවුමක් ලක්ෂ 2 යි

    March, 30, 2022

    මේ වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි, දැඩි රන් හිඟයක් පවතින බව වාර්තා වේ.

    වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ අද (30) දිනයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 200,000 ක් හා කැරට් 22 රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    කෙසේ වෙතත් රන් ආභරණ වෙළෙඳුන් පවසන්නේ එම මිල ගණන්වලට ද අලෙවියට රත්‍රං නොමැති බවයි.

    අවශ්‍ය නම් පාරිභෝගිකයන් අවශ්‍ය රත්‍රං සපයන්නේ නම්, රන් ආභරණ සාදා දීමට පමණක් හැකි බව ඔවුන් කියා සිටී.