රාගම පේරලන්දේ තෙත්බිම් ආශ්‍රිත විනෝදාස්වාද උද්‍යානයක්

    November, 10, 2020

    රාගම පේරලන්ද නේවාසික කලාපය තුළ පිහිටා ඇති පේරලන්ද තෙත්බිම් ආශ්‍රිතව විනෝදාස්වාද උද්‍යාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත.
    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උපදේශක සේවාවන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැපයීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.