රාජකීය කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟය අල්ටෙයර් අනුග්‍රහයෙන් ජූලි 24 සිට 28 දක්වා

    July, 20, 2017

    ලෝ සුපතල ගෘහ නිර්මාණ ශිල්පී මොෂෙ සෆ්ඩිගේ සැලසුමින් කොළඹ අහස හැඩ කළ අල්ටෙයර් සමාගම වසර විසි දෙකකට පසු සංවිධානය කෙරෙන රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟාවලියට අනුග්රහය දක්වයි.

     

    ශ්රී ලංකාවේ ගොල්ෆ් දින දර්ශනයේ සුවිශේෂී සළකුණක් සනිටුහන් කරන මෙම අවස්ථාව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් පසුගියදා ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණු අතර රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජයේ සභාපති ලාල් ඩයස් මහතා මෙසේ පැවැසීය.

     

    විවෘත තරඟයක් ලෙස පවත්වනු ලබන රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟාවලියට දිවයිනේ සියලුම ගොල්ෆ් ක්රීඩකයන්ට සහභාගී විය හැකියි. 1970 වර්ෂයේදී ආරම්භ වූ එය වෘත්තියමය ක්රීඩකයන්ට මෙන්ම නවක ක්රීඩකයන්ටත් විවෘත වුණා. ස්ට්රෝක් ප්ලේ හතරකින් යුත් එය වසරේ ගොල්ෆ් ශූරයා සෙවීමේ සැබෑම පරීක්ෂණයක් වුණා” 

     

    රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟාවලියේ ආරම්භක වසර තුනේම ශූරතාව රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජයේම සාමාජික එච්.එල්.ප්රේමදාස මහතා හිමි කරගත් අතර එදා මෙදාතුර ලංකාවේ හොඳම ගොල්ෆ් ක්රීඩකයා වූ නන්දසේන පෙරේරා මහතා එය හත් වරක්ම තමා සතු කරගත්තේය. ක්රීඩා සමාජයේ නවකයකු වූ පෙරොස් බිලිමෝරියා හා රුසි කැප්ටන් විසින් එය අවස්ථා දෙකකදී හිමි කරගත් අතර ජෙසී පෙරේරා එම ශූරයන් අතරට එක් විය. 1995 වසරේදී අවසන් වරට පැවැති රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟ ශූරතාව හිමිකරගනු ලැබුවේ තිස්ස චන්ද්රදාස විසිනි

     

    රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජ නායක රනිල් පතිරණ මහතා පැවැසුවේ නොවැලැක්වියහැකි හේතු නිසා අඛණ්ඩව පැවැත්වීමට නොහැකි වූ රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟාවලිය මේ වසරේදී නැවත පණ ලැබුවේ ක්රීඩා සමාජයේ සාමාන්යාධිකාරී නලින් ජයතිලක මහතා අලටෙයර් අනුග්රාහකත්වය සමඟ කළ මැදිහත්වීම නිසා බවයි

     

    ඉහළතම ස්ථාන සඳහා තරඟ කරන ගොල්ෆ් ක්රීඩකයන් සීයකට වඩා මෙයට සහභාගී වේවි. පළමු දෙදිනෙන් පසුව මූලික සුදුස්සන් තෝරාගනු ලබන අතරේ අවසන් දෙදින ක්රීඩා කරනු ඇත්තේ දක්ෂතම ගොල්ෆ් ක්රීඩකයන් තිස් දෙනායි. දිවයිනේ සියලුම වෘත්තිය ගොල්ෆ් ක්රීඩකයන්ගේ නොමද අවධානයට ලක්වන රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජ විවෘත ගොල්ෆ් තරඟාවලිය මෙරට පවත්වනු ලබන එකම විවෘත ගොල්ෆ් තරඟාවලියයි. ආසියානු ක්රීඩා රිදී පදක්කම්ලාභී නන්දසේන පෙරේරා මහතාගේ පුත් මිතුන් පෙරේරා, අනුර රෝහණ, ප්රභාකරන් හා ටී.තංගරාජා මෙම වසරේ දක්ෂතම ක්රීඩකයන් අතරේ සිටිනවායැයි මෙම මාධ් හමුවේදී අදහස් දැක් වූ රාජකීය කොළඹ ගොල්ෆ් ක්රීඩා සමාජයේ සාමාන්යාධිකාරි වින්ග් කමාන්ඩර් නලින් ජයතිලක මහතා පැවැසීය

     

    ඉන්ඩෝෂන් ඩිවලොපර්ස් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ ප්රදීප් මොරායස් සහ අල්ටෙයර්හි වෙළෙඳ හා අළෙවි ප්රධානී ජේ ඩයස් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    සියලුම පංතිවල තරඟකරුවන්ට සහභාගීවීමට අවකාශය සලසමින් තනිකරම තරඟකාරිත්ව මත පදනම් වූ විවෘත තරඟාවලියක් ලෙස සංවිධානය වීමත් ක්රීඩා සංගම් සාමාජිකත්වය හෝ ඊට අනුබද්ධවීම තරඟ කිරීමට බාධාවක් නොවීමත් අල්ටෙයර් මෙයට අනුග්රහය සැපයීමට විශේෂයෙන්ම බලපෑවා. ගොල්ෆ් ක්රීඩාවෙන් ශ්රී ලංකාව පුරා පැතිර සිටින දක්ෂයන්ට වසර විසි දෙකකට පසුව මෙවැනි අවස්ථාවක් සැලැසීම සැබැවින්ම සතුටට කරුණක්යැයි ඉන්ඩෝෂන් ඩිවලොපර්ස් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ ප්රදීප් මොරායස් මහතා එහිදී අදහස් දක්වමින් පැවැසීය

     

    ශ්රී ලංකාවේ වෘත්තිය ගොල්ෆ් ක්රීඩකයන්

    1.නන්දසේන පෙරේරා 

    2.අනුර රෝහණ

    3.මිතුන් පෙරේරා

    4.කේ.ප්රභාකරන් 

    5.එන්.තංගරාජා

    6.තිස්ස චන්ද්රදාස

    7.ජෙහාන් දි සේරම්

    8.ලලිත් කුමාර 

    9.ආර්.ලෝගරාජා

    10.හුස්නි උවයිස්

    11.සෙන් ධර්මරත්න