රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් සඳහා මෙඩෝලී සහයෝගය ලබාදෙයි

    April, 15, 2018

    පළමු පෙළ සඳහා සම අනුග්‍රාහකත්වය සහ කණිෂ්ඨ කණ්ඩායම් සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය

    පිරමිඩ් විල්මා ආයතනයේ නවතම හඳුන්වාදීමක් වන මෙඩෝලී, 2018 වසරේ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වෙයි. මේ අනුව රාජකීය විද්‍යාලයේ පළමු පෙළ සඳහා සම අන්‍රුග්‍රාහකත්වය සහ 17 න් පහළ, 15න් පහළ සහ 13න් පහළ කණ්ඩායම් සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සැපයීමට මෙඩෝලී ඉදිරිපත්ව සිටියි.

    සූරියකාන්ත තෙල් වල යහගුණය සමඟින් නිපදවන මෙඩෝලී මේද තැවරුම සිරුරට අත්‍යාවශ්‍ය විටමින් A, D සහ E වලින් සරුකර ඇත. දේශිය පාරිභෝගිකයින්ගේ පෝෂණීය අවශ්‍යතාව මැනවින් හඳුනාගනිමින් මෙඩෝලී උසස් තත්ව සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙරටදී නිපදවා පහසු මිලකට මෙරට පාරිභෝගිකයින් වෙත බෙදාහරිනු ලබයි. මෙහි ඇතුළත් පෝෂ්‍ය පදාර්ථ මනා ඇස් පෙනීමට උපකාරී වන අතර ආහාරවල අන්තර්ගත කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණයට දායක වෙයි. එමෙන්ම දරුවන්ගේ ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීමට ද මෙහි ඇති පෝෂ්‍ය පදාර්ථ ඉවහල් වෙයි.

    ශ්‍රී ලංකාවේ අංක 1 පිසින තෙල් සන්නාමය වන ෆෝචූන් හඳුන්වා දුන් පිරමිඩ් විල්මා සමාගම පසුගිය වසරේ නිල වශයෙන් මෙරට වෙළඳ පලට මෙඩෝලී මේද තැවරුම හඳුන්වා දුන්නේය. පිරමිඩ් විල්මා සමාගමේ උසස් තාක්ෂණය යටතේ මුතුරාජවෙල පිහිටි කර්මාන්ත ශාලාවේදී ඉතා සෞඛ්‍යාරක්ෂිතව නිපදවන මෙඩෝලී මේද තැවරුම ඇසුරුම් ප්‍රමාණ 3කින් දිවයින පුරා වෙළඳ සැල් ඔස්සේ අලෙවි කෙරේ. සියවසකට අධික කාලයක් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත වන ගුඩ්මන් ෆිල්ඩර් ඕස්ට්‍රේලියා සමාගම සහ පිරමිඩ් විල්මා සමාගම ඒකාබද්ධව මෙඩෝලී නිපදවනු ලබයි.

    මෙම අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් පිරමිඩ් විල්මා සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මව්සූන් මහතා සඳහන් කළේ මෙරට ප්‍රමුඛතම පාසලක ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා සහයෝගය ලබාදීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවයි. කොළඹ රාජකීය විද්‍යාලය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අති දක්ෂ ක්‍රීඩකයින් රැසක්ම තිළිණ කර ඇති බව ද හෙතෙම මෙහිදී පැවසීය. මේ නිසා රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් සඳහා සහයෝගය දැක්වීම අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් හට සපයන අත්වැලක් වන බවද ඒ මහතා පැවසීය. නියම පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් කරමින් සූරියකාන්ත තෙල් වල යහගුණය සමඟින් නිපදවන මෙඩෝලී කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කුසලතා නැංවීම සඳහා ශක්තිමත් පදනමක් වන බව ද හෙතෙම සඳහන් කළේය.

    පිරමිඩ් විල්මා (පෞද්.) සමාගම, ආසියාවේ විශාලතම කෘෂි ව්‍යාපාර සමූහය වන විල්මා ජාත්‍යන්තර සමාගම සහ පිරමිඩ් ඔයිල් මිල්ස්(පෞද්.) සමාගම අතර පවත්නා හවුල් ව්‍යාපාරයකි. 1991 වර්ෂයේ ස්ථාපිත සිංගප්පූරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි විල්මා ජාත්‍යන්තර සමාගම වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය සම්බන්ධයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුවේ විශාලතම ලයිස්තුගත සමාගම් අතර පවත්නා සමාගමකි.

    පිරමිඩ් විල්මා හි ව්‍යාපාර කටයුතු අතර පාරිභෝගිකයන් ආහාරයට ගන්නා ඇසුරුම් තෙල් නිෂ්පාදන සැකසීම සහ ඛෙදාහැරීම, බේකරි නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය සහ මාගරින් නිෂ්පාදනය සහ සීනි වෙළෙදාම ඇතුළත් වේ. ෆෝචූන් කුකිං ඔයිල්වලට අමතරව පිරමිඩ් විල්මා සමාගම ශ්‍රී ලංකාව තුළ මාස්ටර්ලයින් බේකරි නිෂ්පාදන අලෙවිය සහ ඛෙදාහැරීම ද සිදු කරයි. මොවුන් මෙරට ඉහළ වටිනාකමකින් යුත් ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘති දෙකක් වන ෂැන්ග්‍රි-ලා හෝටල් ව්‍යාපෘතියේ කොටස්හිමියෙකු ද වේ. වටවල ප්ලාන්ටේෂන්ස් සමාගම සහ වටවල ටී සිලෝන් සමාගමේ මව් සමාගම වන එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් සමාගමේ සම අයිතියක් දැරීම සඳහා සන්ෂයින් හෝල්ඩිංස් සහ ටාටා ග්ලෝබල් බෙවරේජස් සමඟ ඇති කර ගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිරමිඩ් විල්මා හී තවත් ව්‍යාපාර පියවරක් වේ.

    ඡායාරූප - (වමේ සිට) කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය අරුණ රාමනායක, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා ආචාර්ය එම්. ඒ . එම් රියාස්, ක්‍රිකට් උපදේශක සභාපති විජය මලලසේකර, රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ අබේරත්න, පිරමිඩ් විල්මා කළමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මව්සූන්, සාමාන්‍යධිකාරි ප්‍රියන්ත කොලොන්නගේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තන්වීර් සිද්දික්, අලෙවි සහ වෙළඳ ප්‍රධානි හිරන්ත් ප්‍රනාන්දු