රාජකීය විද්‍යාලයේ රග්බි ක‍්‍රීඩාව නැංවීමට අඛණ්ඩව 06 වන වරටත් KIA සහාය

    February, 16, 2017

    පාසලේ රග්බි ක‍්‍රීඩාව නැංවීම වෙනුවෙන් ක‍්‍රියාත්මක රුපියල් මිලියන 27 ක වැඩසටහනේ තුන්වන වසර ඇරඹෙයි

    නිර්මාණශීලීත්වය සහ කාර්ය සාධනය අතින් අග තැන්පත් කොරියානු වාහන සන්නාමය වන KIA විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි සංවර්ධන වැඩසටහන වෙනුවෙන් දක්වන අනුග‍්‍රාහකත්වය 2017 වසර සඳහාත් අළුත් කරමින් එයට අදාළ නිල ගිවිසුමට අද කොළඹදී අත්සන් තබන ලදි.

    KIA විසින් රාජකීය විද්‍යාලීය රග්බි කණ්ඩායම වෙනුවෙන් අඛණ්ඩ අනුග‍්‍රහය දක්වන හයවන වසර මෙය වන අතර මෙමඟින් පළමු පෙළ කණ්ඩායමට අමතරව 14 පහළ 16 පහළ සහ 18 පහළ කණ්ඩායම් වෙනුවෙන්ද අනුග‍්‍රාහකත්වය පිරිනැමීම සිදු කෙරේ. මෙම අනුග‍්‍රාහකත්වය රුපියල් මිලියන 27 වැය කරමින් සිදු කරනු ලබන තුන් වන වසර මෙය වේ.

    මෙම අනුග‍්‍රාහකත්වයට අදාල ගිවිසුම KIA මෝටර්ස් ලංකා සමාගමෙහි අධ්‍යක්ෂවරුන් සහ විදුහලේ රග්බි උපදේශන කමිටුවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් විසින් විද්‍යාලීය රග්බි සංකීර්ණයේදී අත්සන් තබන ලදී.

    ‘‘රාජකීය විද්‍යාලයේ රග්බි ක‍්‍රීඩාව වෙනුවෙන් අනුග‍්‍රාහකත්වය ලබාදීමෙන් අපි විශාල තෘප්තියක් ලබනවා’’ යනුවෙන් මෙම අනුග‍්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් ණෂ් මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා පැවසීය. ‘‘විදුහලේ රග්බි කණ්ඩායම් ඉතාමත් හොඳින් ක‍්‍රීඩා කරන බවත් තරුණ ක‍්‍රීඩකයින් හොඳින් වර්ධනය වෙමින් තිබෙන බවත් අපට මෙහිදී පෙනෙනවා. මේ කාලය මෙරට වාහන අලෙවි අංශයට හොඳ කාලයක් නොවුණත් අපි රාජකීය විද්‍යාලයට ලබාදෙන සහයෝගය දිගටම ලබාදෙනවා. රාජකීය විද්‍යාලයේ රග්බි ක‍්‍රීඩාවේ සාර්ථකත්වය වෙනුවෙන් අපි අඛණ්ඩවම කැපවන අතර මේ වසරේදීත් පාසලේ ක‍්‍රීඩකයින්ගෙන් විශිෂ්ට දස්කම් බලාපොරොත්තු වෙනවා.’’

    ‘‘KIA මෝටර්ස් ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රය සමග ශක්තිමත් සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා. ලෝකය ඉදිරියට රැගෙන යාමට ක‍්‍රීඩාවේ ශක්තිය ඉතාමත් වැදගත්යැයි KIA විශ්වාස කරනවාල’’ යනුවෙන් තම්බයියා මහතා වැඩිදුරටත් පැවසීය. ‘‘ක‍්‍රීඩා තරඟවල උද්වේගකර මෙන්ම හදබැඳගත් අවස්ථාවන් සමග සැමදා අත්වැල් බැඳගන්නා KIA ලෝකය පුරා ක‍්‍රීඩකයින්ට මෙන්ම මහා පරිමාණයේ සහ කුඩා පරිමාණයේ ක‍්‍රීඩා වැඩසටහන් සඳහාත් අනුග‍්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටිනවා.’’

    විද්‍යාලීය පළමු පෙළ රග්බි කණ්ඩායම මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය පරාජයට පත් කරමින් 2016 වසර සඳහාත් බ‍්‍රැඞ්බි කුසලානය දිනාගත්තේය. මීට අමතරව, ශාන්ත පීතර විදුහල 33-24 ක් ලෙස පරාජයට පත්කරමින් බී.සී. අන්ගී කුසලානය මෙවර දිනාගැනීමටද පළමු පෙළ රග්බි කණ්ඩායම සමත්විය. මයිකල් ගුණරත්න කුසලානය සහ මිල්රෝයි ප‍්‍රනාන්දු කුසලානය මෙවර දිනාගැනීමට නොහැකි වුවත් ඉතාමත් ජවසම්පන්න තරඟ රැසක්ම ක‍්‍රීඩා ලෝලීන් වෙනුවෙන් දායාද කිරීමට රාජකීයයන් මෙවරද සමත් විය. සිංගර් ලීග් අන්තර් පාසැල් රග්බි ශුරතා අවසාන මහා තරඟයේදී ශාන්ත ජෝසෆ් විද්‍යාලය සමග කරට කර සටනක් ලබාදුන් පළමු පෙළ රග්බි කණ්ඩායම මෙම ශූරතාවයෙහි තුන්වන ස්ථානය දිනාගැනීමට සමත්විය. මීට අමතරව, 2016 සමස්ත ලංකා මයිලෝ ජනාධිපති කුසලාන තරඟාවලියේ අනුශුරතාවයද විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

    විද්‍යාලීය පළමු පෙළ රග්බි කණ්ඩායමට 2017 වසරේදී නායකත්වය ලබාදෙන්නේ ෆ්ලයි හාර්ෆ් ක‍්‍රීඩා කරන ඔවින් සෙනිය අස්කේ ක‍්‍රීඩකයා වන අතර කණ්ඩායමට වර්ණලාභී ක‍්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළත් වී සිටී.

    ගෝලීය වශයෙන් ගත්විට, KIA ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයෙකු වන අතර FIFA ලෝක කුසලාන තරඟාවලිය සහ UEFA යුරෝපා පාපන්දු ශුරතාවය සඳහා අනුග‍්‍රාහකත්වය දක්වමින් ලෝකය පුරා ක‍්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටී. KIA සමාගමේ ගෝලීය සන්නාම කළමනාකරු ලෙස කටයුතු කරන්නේ වත්මන් යුගයේ විශිෂ්ටතම ටෙනිස් ක‍්‍රීඩකයෙකු වන රෆායල් නඩාල්ය.

    KIA මෝටර්ස් (ලංකා) ලිමිටඞ් 1996 වසරේ සිට KIA සන්නාමයේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරයි.

    KIA මෝටර්ස් ලංකා-කළමනාකාර අධ්‍යක්‍ෂ මහේන් තම්බයියා (දකුණේ සිට තුන්වැනියා) සංකේතාත්මක සමරු චෙක්පත රාජකීය විද්‍යාලීය ව්දුහල්පති බී. ඒ. අබේරත්න මහතා වෙත පිරිනමන අවස්ථාව. KIA සමාගමේ අධ්‍යක්‍ෂකවරුවන් හා රාජකීය විද්‍යාලීය රග්බී උපදේශන කමිටුවේ සාමාජිකයින් පසෙකින් සිටී.