රාජගිරිය කොටා පාරේ UDA ඉඩමක් High-rise ව්‍යාපෘතියකට LOLC වෙත

    January, 25, 2022

    නාගරික සංවර්ධන අධිකාරියට අයත්, කොටා පාර, රාජගිරිය පිහිටි ඉඩමේ අධිඋස (High-rise) සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
    නිර්මාණය, ඉදි කිරීම, මූල්‍යනය, මෙහෙයවිම හා පැවරීම යන ක්‍රමවේදය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති රාජගිරිය කොටා පාරේ පිහිටි, අක්කර 01 රූඩ් 01 පර්චස් 9.29ක ඉඩම් කොටස සඳහා තරගකාරී පදනම මත ආයෝජන යෝජනා කැඳවා ඇත.
    නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ වන ස්ථාවර අමාත්‍ය මණ්ඩල සමාලෝචන කමිටුව සහ නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අධිඋස (High-rise) සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එකී ඉඩම ලංකා ඔරෙක්ස් ලීසිං පෞද්ගලික සමාගමේ පාලිත සමාගමක් වන LOLC Investment Holdings Two (Pvt.) Ltd. වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට ඉදිරිපත් කර ඇති නිර්දේශය මත පදනම්ව අදාළ ඉඩම එම කාර්යය සඳහා යෙදවීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.