රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලුතින් 5,000 ක්

    April, 24, 2018

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා අලුතින් 5432ක් මැයි 15දා වන විට බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ.බී.පී.එම්.ජේ. ගමගේ මහත්මිය පවසයි.

    ඒ අනුව සීමිත අංශයෙන් මෙම සේවාව සඳහා නිලධාරීන් 1377ක් ද, විවෘත අංශයෙන් 4055ක් ද බඳවාගැනීමට නියමිතව ඇත.

    පසුගිය වසරේ දෙසැම්බර් 31දා වන විට රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු 6139ක් ද පැවතිණි.