රාජ්‍ය ණය ආපසු ගෙවන්න ඩොලර් මිලියන 500ක සමුරායි බැඳුම්කර නිකුතුවක්

    October, 14, 2019

    2019 සැප්තැම්බර් 03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මත පදනම් ව සක්‍රිය වගකීම් කළමනාකරණ පනත මඟින් අනුමත කළ ණය ගැනීමේ සීමාවන් තුළ නුදුරු අනාගතයේදී රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ පරිදි, ජාත්‍යන්තර සහයෝගිතාවය සඳහා වූ ජපන් බැංකුව (JBIC) මඟින් ලබා දීමට නියමිත ණය ඇපකරය සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 500ක (ජපන් යෙන් බිලියන 60 ක) වටිනාකමින් යුතු, වසර 10ක පරිණත කාලයක් සහිත සමුරායි බැඳුම්කර නිකුත් කිරීම පිණිස සහ එම නිකුතුව සඳහා Mizuho Securities Company Ltd., SMBC Nikko Securities Inc. සහ Mitsubishi UFJ Morgan Stanley Securities Co. Ltd. යන ආයතන තුන ඒකාබද්ධ නියමු සංවිධායකවරුන් ලෙස පත් කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.