September, 8, 2020
සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් පවත්වනු ලබන පාඨමාලාවල දී විදේශීය අධ්‍යයන චාරිකා/ ක්ෂේත්‍ර චාරිකා ඉවත් කර පාඨමාලා නැවත සැලසුම් කර ඒ අනුව ඇස්තමේන්තු සකස් කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.
ජාතික අයවැය චක්‍රලේඛ අංක 05/2020 යටතේ “2021 - 2023 මධ්‍යකාලීන රාමුව තුළ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශය“ නමින් චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව කියා සිටී. සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත මේ බව දැනුම් දී ඇත.
තවද ධාරිතා සංවර්ධන වැය විෂයය යටතේ ඇස්තමේන්තු සැකසීමේ දී හා ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ දී, සෘජුව සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සඳහා අදාළ වන්නා වූ අධ්‍යයන පාඨමාලා සහ නිලධාරීන්ගේ රාජකාරිය සමඟ සෘජුව සම්බන්ධතාවයන් පවතින පුහුණුවීම් හෝ පාඨමාලා සඳහා පමණක් සීමා කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story