රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීමට හත්වන කණ්ඩායමටත් පොළී රහිත ණය

    March, 28, 2023

    රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන්ට රාජ්‍ය නොවන, උපාධි ප්‍රදානය කරනු ලබන පිළිගත් ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස පොළී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017-04-04 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
    දැනට ශිෂ්‍ය කණ්ඩායම් පහක් (05) එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ඇති අතර හය (06) වන කණ්ඩායම සඳහා සුදුසුකම් ලබන සිසුන්ද මේ වන විට හඳුනාගනු ලැබ ලැබ ඇත.
    ඒ අනුව, මේ දක්වාම අනුගමනය කරන ලද ක්‍රමවේදය පරිදි පොළී රහිතව එම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමටත්, ඒ යටතේ 07 වන කණ්ඩායම වශයෙන් සිසුන් 5,000ක් සඳහා පහසුකම් සලසා දීමටත් අධ්‍යාපන අමාත්‍යතවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.