රාජ්‍ය බැංකු කොයිබටද ? මෙන්න විස්තරේ

    May, 28, 2014

    ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශේෂ පත්‍ර තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා  රජයේ දෙපාර්තමේන්තු, ආයතන හා රාජ්‍ය ව්‍යාපාර මෙම බැංකු වලට දිගු කාලීනව නොගෙවූ ණය පියවීම සඳහා රජය බලාපොරොත්තු වනබව අනාවරණය වේ.

    මීට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙම බැංකු තුන විසින් සිදුකර තිබෙන මෙතෙක් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු ආයෝජනයන් රජය විසින් ඉදිරියේදී මිලදී ගන්නා අතර එයින් බලාපොරොත්තු වන්නේ එවැනි ආයෝජනයන්ගෙන් දිගු කාලීනව මෙම බැංකු මුදවා ගැනීමයි.

    2013 වසර අවසාන වනවිට මෙරට රාජ්‍ය බැංකු අට විසින් සමස්ත බැංකු ක්ෂේත්‍රයේ මුළු වත්කම් පදනමෙන් සියයට 49 කට දායකත්වය ලබාදී තිබෙන අතර ඒවායේ තැන්පතු පදනම රුපියල් ට්‍රිලියන දෙක පසුකර ඇත.

    කෙසේවෙතත්, අනාවරණය වන්නේ මෙරට රාජ්‍ය බැංකුවල අක්‍රීය ණය අත්තිකාරම් සියයට 71 කින් වැඩිවූ නිසා 2013 වසර අවසානයේදී ශුද්ධ ලාභය සියයට 25 කින් අඩුවූ බවයි.

    මෙයට ලොකුම හේතුව වී තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳ පොළේ රත්‍රන් මිල ගණන් අඩුවීම නිසා රත්‍රන් ඇපයට තබාගත් ණය අක්‍රීය වීම වැඩිවීමයි.

    මීට අමතරව, හෙළිවන්නේ 2013 වසරේදී රාජ්‍ය බැංකු විසින් ජාත්‍යන්තර වෙළඳ පොළින් ඇමරිකානු ඩොලර් මිලියන 1,250 ක් රැස්කරගෙන තිබෙන බවයි.