October, 8, 2018
2018 දෙවන කාර්තුව අවසානයේ දී ශ්‍රී ලංකාවේ රැකියා වියුක්ති අනුපාතිකය 4.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන් මූලාශ්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
2017 දෙවන කාර්තුවේ දී මෙරට රැකියා වියුක්තිය 4.5% ක් ලෙසින් සටහන්ව ඇති අතර 2017 වාර්ෂික අගය ලෙසින් එය සටහන් වන්නේ 4.2% ක් ලෙසිනි.
මේ අතර 2018 දෙවන කාර්තුවේ දී මෙරට ශ්‍රම බලකා දායකත්වය ද 51.1% ක් දක්වා පහළ ගොස් තිබේ. 2017 වසරේ දී මෙම අගය 54.1% ලෙසින් දැක්වෙන අතර එය 2017 දෙවන කාර්තුවේ දී සටහන් වන්නේ 53.9% ක් වශයෙනි.
සමස්ත සේවා නියුක්තිය සලකා බැලූ කල කෘෂිකාර්මික හා කාර්මික අංශයේ සේවානියුක්තිය පහළ ගොස් සේවා අංශයේ සේවා නියුක්තියෙහි ඉහළ යාමක් 2018 දෙවන කාර්තුවේ දී වාර්තා වී ඇත. මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Video Story