රැකියා වියුක්තිය ඉහළ යයි

    December, 18, 2018

    2018 දෙවන කාර්තුව අවසානයේ දී ශ්‍රී ලංකාවේ රැකියා වියුක්ති අනුපාතය 4.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා  වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව අනාවරණය කර තිබේ. 2017 දෙවන කාර්තුව තුළ මෙම අගය 4.5% ක්වූ අතර 2017 වාර්ෂික රැකියා වියුක්ති අනුපාතිකය 4.2% ක් ලෙසින් ගණන් බලා ඇත.

    මේ අතර 2018 දෙවන කාර්තුව තුළ දී ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය ද 51.1% ක් දක්වා කැපී පෙනෙන පහළ යාමක් වාර්තා කර තිබේ. 2017 දෙවන කාර්තුවේ දී ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 53.9% ක් ලෙසින් සටහන් වූ අතර එහි 2017 වාර්ෂික අගය 54.1% ක් විය.

    මෙම ගණනය කිරීමේ දී වයස අවුරුදු 15 හා ඊට වැඩි ජනගහනය වැඩකරන ජනතාව ලෙසින් සලකා ඇත.

    කර්මාන්ත ක්ෂේත්‍රයන් සැලකීමේ දී 2018 දෙවන කාර්තුවේ දී දැකිය හැකි තවත් විශේෂ තත්ත්වයක් වනුයේ කෘෂිකාර්මික හා කාර්මික අංශවල සේවා නියුක්තියේ පහළ යාමක් වාර්තා වීම සහ සේවා අංශයේ සේවා  නියුක්තියේ වර්ධනයක් දැකගත හැකි වීමත්ය.

    මේ පිළිබඳ සංඛ්‍යා සටහන් පහතින් දැක්වේ.