රිචඩ් පීරිස් වෙතින් බිලියන 03 ක නිකුතුවක්

    March, 26, 2014

    රිචඩ් පීරිස් සමාගම විසින් බැඳුම්කර නිකුතුවකින් රුපියල් බිලියන 03 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වේ.

    මේ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙහිදී නිකුත් කරනු ලබන්නේ ශ්‍රේණිගත කළ ඇප රහිත නිදහස් කල හැකි ණයකරයි. (Rated, unsecured redeemable, debentures)

    මෙහිදී, සමාගම මිලියන 30 ණයකර නිකුත් කරනු ලබයි.

    එසේම, අවශ්‍ය වුවහොත් මෙම ප්‍රමාණය රුපියල් බිලියන 03 කුත් මිලියන 05 දක්වා වැඩිකර ගැනීමට නිකුත් කරන ණයකර ප්‍රමාණය මිලියන 35 ක් දක්වා වැඩිකරන බව සඳහන්ය.