රියැදුරු බලපත්‍ර නීතියට මානසික සෞඛ්‍ය සංකල්පය ඇතුළත් කළා – ඇමති කියයි

    September, 19, 2017

    මෝටර් වාහන (සංශෝධන ) පනත් කෙටුම්පත අද (19) විවාදය සඳහා ඉදිරිපත් කෙරිණි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    මෙම පනතින් බලාපොරොත්තු වන්නේ,වාහන නියාමනය කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම හා දේශීය අත්දැකීම් මත නීතිය යතාවත් කිරීමට අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා කළා.

    රියදුරු වරදක් කළොත් වැරදි කිරීමට ලකුණු දෙනවා. අවශ්‍යයි මේ ක්‍රමය නැවත ගෙන එන්න. ඒ සඳහා නීතිමය හැකියාවක් තිබිය යුතුයි. වැරදි දිගටම කරනවා නම් රියදුරු බලපත්‍රය අවලංගු වෙනවා. නැවත බලපත්‍රය ගන්න වෙනවා. මෙය ඉදිරියට යන නීතියක්.

    මාර්ග අනතුරු ගත්විට යතුරු පැදි අනතුරු වලින් 1078ක් මිය ගොස් තිබෙනවා. ත්‍රීවිල් වලින් දෙවැනියට මරණ 328ක් මරණ සිදු වෙලා. ත්‍රීවිල් රථ අනාරක්ෂිතයි.මේ වෙනුවෙන් යම් ආරක්ෂිත වාහනයක් සළස දීම යුතුකමක්. ප්‍රතිපත්තිමය තීරණ රාශියක් ඉදිරියේ දී ගත යුතුයි. දුම්රිය මාර්ග ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

    ත්‍රීවිල් රථ නියාමනය කිරීම අවශ්‍යයි.මීටර් ක්‍රමයක් සකස් කිරීම තුළ පාරිභෝගිකයාට හැකියාව ලැබෙනවා තෝරාගැනීමක් කර ගන්න. කාලීන අවශ්‍යතා සපුරන නවීන තාක්ෂණික නීති පද්ධතියක් සකස් කිරීමට සංශෝධන පනතට එකතු කර තිබෙනවා. මෙතෙක් කල් රියදුරු බලපත්‍රය ලබාදීමේ දී බැලුවේ ශාරීරික යෝග්‍යතාව බැලුවේ. මාසික යෝග්‍යතාව බැලුවේ නෑ. නීතියේ බලන්නේ ශාරිරික සෞඛ්‍ය බැලුවේ නෑ. මේ නීතියට මානසික සෞඛ්‍ය පිළිබඳ සංකල්පය ඇතුළත් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.